රජය විසින් ඉන්ධන සහනාධාර ලබා නොදුනහොත් බහුදින ධීවර යාත්‍රා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය පැවසුවා.
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දෙන්නේ දිනෙන් දිනම ඉහළ යන ඉන්ධන මිල හමුවේ සිය රැකියාව කරගෙන යාම අසීරු බවයි.
මේ අතර රටට ඩොලර් ලබාගැනීමට හැකි මෙවැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් මේ හේතුවෙන් ලක්ෂ ගණනකට රැකියා අහිමිවීමේ තර්ජනයක් ද ඇති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණ, සභාපති ටිරෝන් පතිරණ සහ උප ලේකම් සුනිල් ප්‍රනාන්දු යන අය සහභාගි වී සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




