21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (27) පස්වරු 4 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා විසි එක්වන විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පළමුව පක්ෂවල එකඟතාවක් ලබාගැනීමට අවශ්‍ය බව එහිදී යෝජනා වී තිබුණා.
ඒ අනුව මේ වන විට සියලු පක්ෂවලට සියලු පක්ෂවලට මෙසේ වන ව්‍යවස්ථා සංශෝධනය ලබාදී ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් සියලු පක්ෂවල යෝජනා සහ අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ අනුව ලබන සදුදා දිනයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




