ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අවිධිමත් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට මෙලෙස ඇයට සිර දඬුවම් පමුණුවා ඇති අතර රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද නියම කර ඇත.
පසුගිය යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




