ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම් ඊට සහාය ලබා ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඒ අනුව විසි එක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා අත්‍යාවශ්‍ය අත්‍යවශ්‍ය සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
"2015 ඇති වූ විශේෂ දේශපාලන තත්ත්වය උපයෝගී කරගෙන 19 වන සංශෝධනය යම් ප්‍රජාතන්ත්‍රවාදී දිශාවකට යන පියවරක් හැටියට සම්මත කරගන්න හැකියාව ලැබුණා. නමුත් මහින්ද මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පවුල වෙත පහුගිය මහ මැතිවරණයේදී ලැබුණු බලය උපයෝගී කරගෙන ඔවුන් එම ප්‍රජාතන්ත්‍රවාදය දිශාවට තබන ලද යහපත් සංශෝධනයක් වූ 19වන සංශෝධනය ඉවත් කරලා 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්තා. දැන් විසිවන සංශෝධනය අවශ්‍යයි කියලා කෑ මොර දීපු කණ්ඩායමටම යළි එය අහෝසි කරලා 21 වන සංශෝධනය ගේන්න සූදානම් වීමම යම් ඉතිහාසගත සරදමක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




