ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
මෙහිදී ඕනෑම කණ්ඩායමක් සිය ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේ දී ලබා ගැනීමට තිබූ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් නව ක්‍රිකට් වාර්තාවක් පිහිටුවීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.
මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානය ලබාගෙන තිබෙනවා.
තරග දෙකේදීම ශතක වාර්තාකල ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා ලෙස ද දෙවන තරගයේ වීරයා ලෙස අසිත ප්‍රනාන්දු ද සම්මානයට පාත්‍ර වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




