පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොට්ටාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ හිසට සහ වම් අතට තුවාල සිදු වුණා.
ඉකුත් 09 වන දා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම අසල දී මන්ත්‍රිවරයාට පහර දී ඔහු ගමන්ගත් ජීප් රථයට ද ගිනි තබා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




