ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවතත් තහවුරු කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පැවති තාක්ෂණික සාකච්ඡාවෙන් පසු ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ස්ථිරසාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ලබන සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔවුන් මෙරට ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




