නඩත්තු කටයුතු සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.
බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදු කර නැති අතර අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් යම් බලාගාරයක විදුලි ජනන යන්ත්‍ර වල හදිස්සි බිඳ වැටීමක් සිදු වුවහොත් එම බලාගාරයේ යථා තත්ත්වයට පත් පත් කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් එරංග කුඩාහේවා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඇමරිකානු ඩොලර් මිලියන 43 ක අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලුම අංශය දැනුවත් කර තිබුණද මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




