දිනෙන් දින වැඩිවන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වැටුප් වැඩි කිරීම කෙරෙහි සැලකිල්ලට ගන්නා ලෙස අතුරු අයවැය යෝජනා සකස් කරන නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
2015 වසරේ යහපාලන රජය බලයට පත්වූ පසු දින 100ක් තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීමට පියවර ගනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




