බස්නාහිරි පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබා නොදීම පිළිබඳ කරුණු දක්වමින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයා සහ නීතිඥයෙක් එක්ව සකස් කරන ලද රහස් ලියවිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් මගින් ඊයේ (26) අධිකරණයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 9 වනදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිදාමය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බාධා එල්ල විය හැකි බැවින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා නියෝග කළා.
ඒ අනුව මෙලෙස ස්ථාන මාරුවක් ලබා දීමට නොහැකි හේතු සඳහන් කරමින් පොලිස්පතිවරයා මීට දින කිහිපයකට පෙර නීතිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




