සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (28) සිට යළි ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දින 06ක් තුළ එහි ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවයි.
ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු වැඩ කටයුතු යළි ආරම්භ වන්නේ පසුගිය මාර්තු 20 වනදායින් පසුවයි.
මේ අතර ඊයේ (26) දිනය වන විට මෙරට ඉන්ධන සංචිත පිළිබඳව ද ඔහු සඳහන් කර තිබෙනවා.
* ඩීසල් - මෙට්‍රික් ටොන් 23022 ක්.* සුපර් ඩීසල් - මෙට්‍රික් ටොන් 2588 ක්.
* ඔක්ටේන් 92 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 39968 ක්
* ඔක්ටේන් 95 පෙට්‍රල් - මෙට්‍රික් ටොන් 7112 ක්
* ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3578 ක්
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




