හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් මීට පෙර ඉල්ලා අස්කරගත් අධිචෝදනා පත්‍රය වෙනුවට නව අධිචෝදනා පත්‍රයක් අද (30) ගොණුකර තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අල්ලස් කොමිසම විසින් අධි චෝදනා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීමට ගත් තීරණය සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකු දූෂණ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි 28 වන දා නියෝග කර ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලංකා සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍ය වරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත්තේ රජයේ සේවකයන් යොදවා රුපියල් මිලියන 8.4 ක පාඩුවක් රජයට සිදු කළ බවටයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




