බස්නාහිර පළාත් සභාව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයා වෙනුවට වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්පත් කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් එම තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර ඇත.
ඒ අනුව අද සිට දින 14ක් සඳහා බලපැවැත්වෙන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාල සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති නොවීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතාව වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් නීතිපතිවරයාගේ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




