වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම හෙට (31)දිනයේ සලකා බැලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කර ඇත.
අවිධිමත් රාජ්‍ය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට පසුගිය සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට වසර දෙකක බරපතළ සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළා.
ඒ අනුව ඇගේ නීතිඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස ඇයගේ නීතිඥවරුන් විසින් ඉල්ලා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




