මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීර අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ දී එළඹෙන මාසයේ සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ජුනි මාසයේ සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන අතර තවත් ණයක් ගැනීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




