රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා පනත් කිහිපයක් සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
2019 වසරේ දී බදු ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




