ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා රටකජු බෝගය මෙවර දෙගුණයක පමණක් අස්වැන්නක් වර්තා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වන අතර 2021 වසර අවසන් වන විට රටකජු අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000 ඉක්මවා ඇති බව රට කජු වගාව පිළිබඳ බෝග නායක එස්.එන්.පී.වීරකෝන් මහතා ප්‍රකාශ කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ආහාර බෝග ප්‍රවර්ධනය සඳහා පත් කර ඇති බෝග නායකවරු සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ ප්‍රභේදය හේතුවෙන් ජම්බෝ පීනට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රට කජු තොග ආනයනය කිරීම පවා අත්හිටුවීමට හැකි වී තිබෙනවා.
එමගින් විශාල මුදල් ප්‍රමාණයක් ද ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන අතර අමතර රටකජු යොදාගනිමින් රටකජු ආශ්‍රිත නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම රටකජු බෝගය රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොර ව වගා කළ හැකි බෝගයක් වීම විශේෂත්වයක්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




