බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත පසුගිය 29 වනදා ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව ඉකුත් 09 වන දා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය වූ අවස්ථාවේ ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරින්ගේ නියෝග අනුව තමාට හිමි රාජකාරිය නොපිරිහෙලා ඉටු කළ බව සඳහන් කර ඇත.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් විසින් ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් වසර 24ක සේවා කාලය තුළ හිමිකරගත් කීර්තිනාමයට හානි වී ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




