සිය දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී.
ඒ අනුව තමා මෙම අසීරු තීරණය ගනු ලැබුවේ රට ගැන සිතා බවත් රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසය නිසා වන අතර විසි එක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිය කැමැත්තට අනුව සිදුවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




