පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, කැලණි, ගිං, නිල්වලා සහ අත්තනගළු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ඒ ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්වයක් මතුවිය හැකි බව ජනතාවට දැනුම් දෙනවා.
මීට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් පිළිබඳ කහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තවදුරටත් වර්ෂාව පවතින නායයෑම්,ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ සඳහන් වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




