සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිග්ස්ම අන්තර් හුවමාරුවේ දී පොලිස් නිලධාරියෙක් සමග ඇති වූ උණුසුම් තත්ත්වයක් පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
වාහනයේ පිටුපස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළු නො වන ලෙස පොලිස් නිලධාරියා ඔහුට පවසා ඇති අතර එම අවස්ථාවේ මෙම බහින් බස් වීම සිදුවී සිදු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
කෙසේ වෙතත් රවිඳු වෙදආරච්චි විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් තමන් ශීතකරණයක් ජීප් රථය උපයෝගී කරගනිමින් අධිවේගී මාර්ගය හරහා කොළඹ ගෙන ඒමට යාමේදී මෙම තත්ත්වය ඇති වූ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




