අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සලසා ගැනීම සඳහා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.
එමෙන්ම භාණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සහය ඉන් වැළැක්විය හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර අසාධාරණ මිල ගණන් යටතේ සිදුකෙරෙන වෙළඳාම පිළිබඳ දැඩි අවධානයෙන් සිට ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර දිවයින පුරා සතොස සහ සමුපකාර වෙළසැල් ජාලය සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, වෙළඳ අමාත්‍යංශ ලේකම් එස් ටී කොඩිකාර සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




