රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන 8 වනදා පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එළඹෙන 7 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊයේ (02) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර එළඹෙන 07 වන දා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් රටේ තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




