ගල්පාත කක්කඩුව ඇළේ දිය නෑමට ගිය පිරිමි දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත ජය මාවතේ පදිංචි 21 හැවිරිද රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ 14 හැවිරිද චමිල් විශ්මිත නැමැති ඥාති සහෝදරයන් දෙදෙනායි.
මොවුන් දෙදෙනා තවත් මිතුරන් දෙදෙනකු සමග දියනෑමට ගොස් ඇති අතර එක් අයෙකු ජලපහරට හසුව ගසාගෙන යෑමේ දී ඔහුව බේරාගැනීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ ජල පහරට හසු වී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් මිය ගොස් සිට ඇති අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇළේ ජල මට්ටම වැඩි වී ඇති බව වාර්තා වනවා.
මියගිය සිසුන් දෙදෙනාගේ මෘත දේහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




