රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,සේවකයන් සහ පැමිණෙන අමුත්තන් සඳහා සරල ආහාර වේලක් ලබා දීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී රැස්වීමේදී මෙම අදහස් පළ කළා.
ඒ අනුව පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල සඳහා වෙළෙඳ පොළේ මිල ගණන් යටතේ සාධාරණ මිලක් නියම කරන ලෙසත් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සිටිය ද බොහෝ දුරට එක් දිනකදී ආහාර ලබාගන්නේ මන්ත්‍රීවරුන් පනස් දෙනකුටත් වඩා අඩු සංඛ්‍යාවක් බව පක්ෂ නායකයින් පෙන්වා දෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර ගාස්තු වැඩි කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




