කැබිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් මොණරාගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
තවද වගා කිරීම සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25000 ක ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇතත් ඒවායේ වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට ගැනිමට ඇතැමුන් උත්සාහ දරන බවට වන සංරක්ෂණ අමාත්‍යංශය ට ලැබුණු පැමිණිලි පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




