ඉන්ධන බෙදාහැරීමේදී ත්‍රීරෝද රථ රියදුරන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සහ සමස්ත ලංකා ත්‍රීරෝද රථ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ පැවති පැවති හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
එහිදී විදුලි ත්‍රීරෝද රථ සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇත.
මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වුණා.
ඒ අනුව පවතින ඉන්ධන හිඟය හමුවේ දැඩි පරිශ්‍රමයක් දැරූ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පුද කර ඇති අතර පිරවුම්හල්වල ආරක්ෂාව හා ඉන්ධන ලබා දීම ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




