රට තුළ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8 ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා පරිත්‍යාගශීලීන් විසින් මෙම මුදල් අදාළ ගිණුමට බැර කරන ලද අතර මේ වන විට කොවිඩ් වසංගත තත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක් විය යුතු කරුණු පිළිබඳ අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





