කොරියානු රැකියා සඳහා සඳහා සුදුසුකම් ලබා ඇති 5800 ක් ඉදිරි මාස 6 තුළ කොරියාවට පිටත් කර යැවීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරට නේවාසික නියෝජිත ලී මහතා අතර පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
ඒ අනුව ඉදිරි සතියේ සිට සතියකට එක් ගුවන් යානයකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




