මල්වාන ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
මෙම නඩුවේ පළමු විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා විසින් දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවසක් සහ නාන තටාකයක් ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වුණා.
ඒ අනුව අද (03) ගම්පහ මහධිකරණයේ දී ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




