ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සැකකරුවෙකු ලෙස නම් කිරීමත් සමඟ ඔහු ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වුණා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මයිනාගෝගම හෝ ගෝඨාගෝගම අරගල භූමිවල තමා රැඳී නොසිටින බවයි.
මෙහිදී සීඩී පටයක් පෙන්වමින් ඔහු කියා සිටියේ තමා කිසිවකට සම්බන්ධ නොවන බවට එහි සාක්ෂි අඩංගු බවයි.
"මේ කැසට් පටයේ තියෙනවා මං නගර සභාවට ගිහින් තියෙනවා දවල් 01ට.12ට පිටත් වෙලා තියෙනවා අරලියගහ මන්දිරයෙන්.1ට ගිහින් තියෙනවා නගර සභාවට.නගර සභාවෙන් මං 2.30ට එළියට බැස්සා.එතකොට මේකේ සදහන් වෙන විදියට 2.30න් පස්සේ තමයි මට මැර ප්‍රහාරය එල්ල වුණේ.ඉතින් ගෝඨාගෝගමට මයිනාගෝගමට ගහනකොට මම ඒ ස්ථානයේ හිටියේ නැහැ.මම රහස් පොලීසියට මේ පීස් එක බාර දෙනවා. මේක නගර සභාවේ සීසීටීවී කැමරා එකෙන් ගත්තේ.මේකෙ සම්පූර්ණ සිද්ධිය තියෙනවා මේකට අදාලව මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මම හිතනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




