ත්‍රිකුණාමලය - කොළඹ දුම්රිය මාර්ගයේ හබරණ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර දී දුම්රියේ ගැටීමෙන් ඊයේ (03) රාත්‍රියේ අලි පැටවුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
ඊයේ රාත්‍රී 7.30ට පමණ තිරිඟුපිටි ප්‍රවාහනය කළ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් දුම්රිය පීලි පැනීමට ද ලක් වී ඇත.
අලි තිදෙනෙකු දුම්රියේ ගැටී ඇති අතර දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ අනෙකුත් දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




