දොම්පේ, මල්වාන කැළණි ගඟ අසල අක්කර 16ක ඉඩමේ ඉදිකර ඇති සුවිසල් නිවස සහ නාන තටාකය ඇතුළු ඊට අයත් සියළු දේපල ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කරන ලෙස ඊයේ(03) ගම්පහ මහ අධිකරණය නියෝග කළා.
මෙම සියලුම දේපළවල වටිනාකම විසි කෝටි අසූ ලක්ෂයක් වන බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තක්සේරුවක දී අනාවරණය වී ඇති අතර එය අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත්කරන ලෙස නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් අධි චෝදනා තුනක් යටතේ බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් 2017 මැයි මස 03 වන දා ගම්පහ මහාධිකරණයේ ගොනු කළ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමී විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝග කළා.
ඒ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වීම හේතුවෙන්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




