පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ගේ වැල්ලවත්තේ පිහිටි නිවසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි යුද හමුදා සෙබළකු වෙඩි වැදී මියගොස් ඇත.
වැල්ලවත්ත දයා පාරේ තිබී ඔහුගේ මළ සිරුර අද (04) පෙරවරුවේ සොයා ගැනුණා.
මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.
මෙම සෙබලා ඔහුට අයත් ටී 56 ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.
වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.








