ඊයේ (03) පෙරවරුවේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තැඹිලි වෙළෙන්දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ නඩුවේ රජයේ සාක්ෂිකරුවකු බව වාර්තා වනවා.
43 හැවිරිදි තැඹිලි ව්‍යාපාරිකයකු වන මෙම පුද්ගලයා ඔහුගේ ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
මේ අතර 2020 වසරේ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් රැගෙන ඒමට ගිය පිරිස අතර මියගිය පුද්ගලයා ද සිට ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව විසින් එම මත්ද්‍රව්‍ය තොගය අල්ලාගෙන ඇති අතර එහි ඔත්තුකාරයා වන්නේ ද මෙලෙස මියගිය තැඹිලි වෙළෙඳා බව වැඩිදුරටත් සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් සහ තවත් පොලිස් කණ්ඩායම් 04ක් මේ සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




