රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීමට කළ හැකි දේ පිළිබද සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන අයට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව සාගල රත්නායක සහ සමන් ඒකනායක පසුගිය අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා ඇති බව වාර්තා වනවා.
මෙහිදී රංජන් රාමනායක මහතා පවසා ඇත්තේ උපාධියට සූදානම් වීම සඳහා තමාට ලබාදී තිබු ලැප්ටොප් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කර අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




