නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
රට තුළ පවතින ආහාර හිඟය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ විසින් මෙලෙස නියෝග කර ඇත.
ඒ අනුව බලපත්‍ර ලබාගෙන කොස් ගස් කැපීම ද තහනම් කර ඇති අතර යම් අනතුරක් වැළැක්වීම සඳහා කොස් ගසක් කැපීමට අවශ්‍යනම් ඒ සඳහා පමණක් අවසර ලබා දෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
මේ අතර පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ මඤ්ඤොක්කා දඬු ලබාදීමේ වැඩපිළිවෙළක් සහ විවිධ පැළ වර්ග හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




