රාජ්‍ය සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
රැකියා ස්ථාන වෙත පැමිණීමේ දී දැරීමට සිදුවන අධික පිරිවැය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට එම වැඩපිළිවෙළ පිළිබඳව අධ්‍යනය කරමින් පවතින බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් මෙය සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




