පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩි තැබීම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ආරවුල්වලට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
ඒ අනුව මෙලෙස වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඊට සම්බන්ධ පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේද තංගල්ල මොරක ද තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් 27 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු පසුගිය සෙනසුරාදා (04) අහංගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.
මේ අතර තංගල්ල මොරකැටිආර සහ අහංගම වෙඩි තැබීම් දෙකම සිදුකර ඇත්තේ එකම වෙඩික්කරුවෙකු විසින් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
එම යතුරුපැදිය තංගල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද අළුයම පලුයම පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි ව්‍යාජ අංක තහඩු සවි කර ඇති බවත් එම යතුරු පැදිය සොරා ගත් එකක් බවත් පොලිසිය සැක පළ කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




