පෞද්ගලික නාලිකාවක විකාශනය වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතාගේ නම වැරදි ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සනත් ජයසූරිය මහතාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ධම්මික පෙරේරා මහතා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ නමද අරවින්ද පෙරේරා ලෙස සඳහන් කර ඇති අතර මෙම වීඩියෝ පටය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වුණා.
ඒ අනුව ධම්මික පෙරේරා මහතා විසින් සනත් ජයසූරිය මහතාට දුරකථනයෙන් කතා කර සමාව ඉල්ලා ඇති බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජයසූරිය මහතා පවසයි.
ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පැවරී ඇති දුෂ්කර වගකීමෙන් ජය ගැනීමට තමා සුබ පැතුම් එක් කරන අතර පළමුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




