හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන වලක්වාලන ලෙස ඉල්ලමින් පොලිසිය සිදු කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව අපරාධයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලතල ඇති බැවින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




