පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 250ක් වැනි මුදලකට ලබා දිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව හමුවේ ඊයේ (06) අවධාරණය කළා.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද ඔහු මෙම අදහස පළ කර තිබුණා.
ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති මිල සූත්‍රය සඳහා කිසිදු පදනමක් නොමැති අතර ඛනිජ තෙල් මිල දී ගැනීමේ දී ඒවා ආනයනය කර ඇති මිල ගණන් සහ රජය අය කරන බදු මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදි ව පරික්ෂා කිරීමේදී මේ බව හෙළි වී ඇත.
මේ අතර පසුගිය ජූලි 01 දා ආනයනය කරන ලද ඩීසල් තොගයේ එක් ලීටරයක් සඳහා රුපියල් 280 ක බදු මුදලක් රජය විසින් අයකර ඇති බව සභාපතිවරයා පෙන්වා දෙනවා.
මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ තෙල් මිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉදිරිපත් කළ ප්‍රකාශය වඩාත් බරපතළ බැවින් ඒ සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වන බවයි.
ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන්වා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




