ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.

කෙසේවෙතත්  ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව සඳහන්.

මෙම ලාභය පසුගියදා සිදුකළ මිල සංශෝධනයෙන් සහ බදුවලින් පසුව බවයි වාර්තා වන්නේ.