යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ලබන වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම නව ක්‍රමවේදය යටතේ විශාල පෙළපොත් වෙනුවට මොඩියුල ආකෘති ක්‍රමයක් හදුන්වා දෙන බවත් එය මාතෘකා කීපයක් සඳහා එක් පොතක් වශයෙන් එක් පාසල් වාරයක් තුළ අවසන් කළ හැකි එලෙස ලබා දිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආකෘති මුද්‍රණය කිරීම සඳහා යම් මුදලක් වෙන් කර තිබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා.
එම ක්‍රමයට ගියාට පස්සේ විශාල පෙළ පොතක් ලැබෙන්නේ නෑ. අවශ්‍ය නෑ. පෙලපොතේ තිබෙන විශයන් ඒකක ගාණට කැඩිලා මාත්‍රෘකා අනුව සකස් වෙනකොට ඒ පොතේම අභ්‍යාසයත් කරලා දරුවන්ට ඒ වාරය ඉවර වෙනවා.
ඊළඟ වාරයට තව පොතක් එනවා. ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නට පස්සේ පෙළපොත් වන බර අනිවාර්යෙන් තුනෙක් දෙකකින් අඩුවෙනවා. දැන් තියෙන්නේ කිලෝ නමයක් නම් කිලෝ තුනකට අඩුවෙනවා.”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




