තිරිඟු පිටි මිල ලබන සතියේදී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (3) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තිරිඟු පිටි කන්ටේනර් 100ක් පමණ කොළඹ වරායට පැමිණ ඇති අතර ඒවා ගොඩබෑම මේ වනවිට ආරම්භවී ඇති බවයි.
තිරිඟු පිටි නිෂ්පාදනය කරනු ලබන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කිරීම හේතුවෙන් ගෙන්වීමේ ප්‍රමාදය නිසා තිරිඟු පිටි මිල ඉහළ ගිය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




