කාබනික වගාව අත්නොහරින බවත් එසේම 70%ක් රසායනික පොහොර සහ 30%ක් කාබනික පොහොර යොදා සිදුකර ඇති ගොවිතැන ඉතා සාර්ථක බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා,
"වී මිලදීගැනීම සඳහා අපට වී අලෙවි මණ්ඩලයට අපිට ඇත්තටම මුදල් ප්‍රතිපාදනයක් වෙන්කරගන්න තවම අපහසු වෙලා තියෙනවා. මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක අපි වී මිලදීගෙන තියෙනවා. අද දින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදීත් අපි ඒ ගැන අවධානය යොමුකරනවා. ඒ මුදල් ලබාගන්න පුළුවන් වුණොත් ලැබුණු විගස නැවත ඉහළ මිලකට වී මිලදීගැනීමේ කටයුත්ත අපි සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මහ කන්නයේ පොහොර ලබාදීම අපි දැනටමත් ඒ පළවෙනි අවස්ථාවට යොදන පොහොර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපි මේ වතාවේ යූරියාවලට අතිරේකව බණ්ඩි පොහොර නැත්නම් MOP කියන පොහොර වර්ගයත් ලබාදෙන්න කටයුතු කරනවා. ඊට අතිරේකව අපි කාබනික පොහොර වගාව සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාබනික වගාව අපි අත්හරින්නේ නෑ. මූල්‍යමය වශයෙන් ගොවීන්ට වවුචරයක් මගින් ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා."
"කාබනික පොහොර කියන්නේ නරක දෙයක් නොවෙයි. ඒක එකසැරේට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි ඒකෙ අසර්ථකත්වයක් ඇතිවුණේ. සියයට 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදලා ක්‍රියාත්මක කරපු වගාව තමයි සාර්ථකම. මේ සැරේ බලකරලා අපි පොහොර දෙන්නේ නෑ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




