රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රාත්‍රී කාලයේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.
ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ එය ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් බවයි.
“වසන්ත මුදලිගේ, සිරිදම්ම හිමි සහ තවත් අයකු දින 45ක් බන්ධනාගාරගත කරලා තියනවා. ඒ කටයුතු නීතිය අනුව සිද්ද වෙනවා. නමුත් මෙතන තියන ප්‍රශ්නය තමයි වසන්ත මුදලිගේව රාත්‍රී කාලයෙදි යම් යම් ස්ථාන පෙන්වන්න කියලා බන්ධනාගාරයෙන් එලියට අරන් යනවා. ඔබතුමා දන්නවනේ පරණ කතාව. ස්ථාන පරික්ෂණයට ගියා පස්සේ පැනලා ගියා වෙඩි තිබ්බා. පරික්ෂණ කරන්න පුලුවන් නමුත් රාත්‍රී කාලයේ කරන්න ඕනෙද? මේක ඇත්තටම ඔහුගේ ජිවිතයට විශාල තර්ජනයක් මේ ගැන හොයලා බලන්න”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




