මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදී.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංචාරකයින් සඳහා ‘ටැප් ඇන්ඩ් ගෝ’ ඉන්ධන අවසර පත්‍රය දියත් කරන බව ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමටත් ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක තොරතුරු ප්‍රචාරය කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




