වැල්ලවාය, ඇල්ල මාර්ගයේ පිහිටා ඇති IOC ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තබා ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මහජන උපයෝගීතා කොමිසම, පාරිභෝගික සේවා අධිකාරිය, ITI ආයතනය සහ මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙලෙස ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තබා ඇත.
ඉන්ධන තොග සඟවාගෙන සිටීම, ගුණාත්මක බව පිළිබඳව ගැටලු, ඉන්ධන පොම්පවල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත ප්‍රමාණයට පොම්පවලින් ඉන්ධන නිකුත් නොවීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




