ඊයේ (05) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත.
මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේත් පැවතුණා.
අදාළ ආයතනවල කාර්යය භාරයන් ද ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.
ඊට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය ද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




